බයිඩන් මුණුපුරන් සමග සතුට සමරද්දී ට්‍රම්ප් පසුබසින බවක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය තමන් ජයග්‍රහණය කර ඇති බව සිය මුණුපුරු මිණිපිරියන් විසින් බයිඩන්ට දැනුම් දෙමින්, තම සීයා වැලඳ ගෙන ඔවුන් සතුට සමරන ඡායාරූපයක් බයිඩන්ගේ වැඩිමහලු මිණිපිරියක විසින් සිය ටිව්ටර් ගිණුමට එක්කර තිබුණි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන අවස්ථාවේදී බයිඩන් වැඩි කාලයක් පවුලේ අය සමග නිවසේ ගතකර ඇති අතර, වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස බයිඩන් පවුල මෙම අවස්ථාව සලකයි.
මෙම අවස්ථාව වනවිට වර්ජීනියා හි පිහිටි සිය ගොල්ෆ් පිටියේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි ට්‍රම්ප් පස්වරුවේ වහාම ධවල මන්දිරයට පැමිණ ඇති අතර, පසුව ඔහු ධවල මන්දිරයෙන් පිටව ගිය බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මැතිවරණය දූෂිත මැතිවරණයක් බව පවසමින් එය අවහිර කිරීමට කිහිප අවස්ථාවකම ට්‍රම්ප් උත්සාහ කළද ඒ බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වූ අතර, අවසානයේදී බයිඩන් වෙත පැහැදිලි වැඩි මහජන ඡන්ද ප්‍රමාණයක් මෙන්ම, ඡන්ද සමූහ (electoral college) ප්‍රමාණයක් හිමිවීමත් සමග ඔහු මේ වනවිට එක්සත් ජනපදයේ තේරීපත් වූ නව ජනපති ලෙස නිරායාසයෙන්ම හැඳින්වීම සිදුව තිබේ.
මේ අතර බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් වීදිවලට පැමිණ ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකිවූ අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට වඩා යම් ආකාරයක සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන පිරිස් ඒ අතර වූහ. ඔවුන් බහුතරය මුඛ ආවරණවලින් සැරසී සිටි බව විදෙස් වාර්තාවල දැක්වේ. මේ අතර බයිඩන් සහ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්, වොෂිංටන් හිදී මේ මොහොතේ ඇමෙරිකාව අමතමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
මෙහිදී ඇමෙරිකානුවන්ට එක්වන ලෙස ඉල්ලීමක් කළ බයිඩන්, මෙය ඇමෙරිකානුව සුවපත් කළ යුතු කාල සමයක් බවද කියයි. මෙම අවස්ථාවට එක්වූ කමලා හැරිස් එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයකට පත්වූ ප්‍රථම කළු ජාතික කාන්තාව වන අතර, ඇය ඉන්දියානු සම්භවයක් ඇති අයෙකි. බයිඩන්ගේ සහ හැරිස්ගේ පවුල්වල උදවියද මෙම අවස්ථාවට එක්වූහ.















popular news
-
Kumar Sunday, 08 November 2020 08:20 AM
I am glad that the majority of US voters didn't hesitate to say "You are Fired" to the current con-man. Conman's problems start after January 20th. When the New York attorney general gets his hand on this guy's tax documents it's game over over for Trump.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

