බය නෑ, දකුණේ ලේ
තමන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියේ මානසික ආතතිය හේතුවෙන් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර බසයට රැගෙන යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
“මම යන්නේ හිරේට. මම මේ අධිකරණයට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ මිනිස්සුගේ අභය වෙනුවෙන්, මිනිස්සූ මරණෙන් ගලවා ගන්නයි මම වැඩ කරේ.නිශ්ශරණාධ්‍යාශයෙන් අවුරුදු 25ක් මේ රට වෙනුවෙන් මම දිය වුණේ. කිසි කෙනෙක් නොදන්න විෂයක්.
මං 2014 ඉදලා මේ අපරාධ ගැන කියන්නේ. මේ මිනිස්සුන්ට මානුෂිකත්වයක් නැද්ද. මම හිරේ දැම්මා කියලා මේ ප්රශ්නය විසදෙනවා ද, බයවෙන්න ඕනද මේක කතා කරන්න. මට මානසික ටෙන්ෂන් එකක් තියෙන හින්දා තමයි මම ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරේ.
නැතුව උසාවිය මගහරින්න නෙමෙයි. වේදනාවක් තියෙනවා. මමත් මනුස්සයෙක්. නමුත් ඇත්ත කිව යුතුයි. කවදාවත් හදවතේ කැකෑරෙන ඇත්ත කියන්න ඉඩක් ලැබුණේ නෑ. ඒකට බය වෙන්නෙත් නෑ. කම්පනයකුත් නෑ. මේ තියෙන්නේ දකුණේ ලේ. බයත් නෑ. එක පාරයි මැරෙන්නේ. හැබැයි සත්‍ය වෙනුවෙන්. අපි වැඩ කරන්න ඕන. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් මේ කැපකිරීම කළේ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
