හල්දුම්මුල්ල වල්හපුතැන්නේදී තමන්ගේ ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටි තිදරු පියෙකු බඹරු දෂ්ට කිරීමෙන් 23 සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හල්දුම්මුල්ල වල්පොල, සෙනරත්ගම පදිංචිව සිටි ආර්.එම්. ගුණසේකර නමැති විශ්රාමිකව සිටි හැට එක් හැවිරිදි තිදරු පියෙකි.
ඔහු තවත් අයෙකු සමග ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටියදී අසල බඹර කූඩුවක් ඇවිස්සී දෙදෙනාටම බඹර ප්රහාරයක් එල්ල වී ඇති අතර අනෙක් තැනැත්තා සුළු තුවාල ලබා බේරී තිබේ.
බඹර ප්රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු වහාම ක්රියාත්මක වූ ප්රදේශවාසීන් ළඟම පිහිටි හල්දුම්මුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහල වෙත මාරු කර හැරියද එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.