වතු නිවාස පේළියක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් පහර දිමෙන් තුවාල ලැබු පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (24) දින ඇතුලත් කර ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක වහල මත බැද තිබු බඹර කුඩුවක බඹරුන් පස්වරු 1 ට පමණ ඇවිස්සි වතු නිවාස පේළියේ එළිමහනේ සිටි කාන්තාවන් තිදෙනෙකුට , පාසල් සිසුවෙක් සහ වතු කම්කරුවෙකුට බඹරුන් පහර දි ඇති බවයි එම වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.