බිබිල මුලික රෝහලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග රෝහල් වාට්ටුවක් තාවකාලිකව වසා තැබීමට කටයුතු කළබව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
බිබිල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මාසයකට ආසන්න කාලයක් රෝහලේ අංක පහ වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදි සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුකරගෙන තිබේ.
ආසාදිතයින් දෙදෙනො නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර රෝහල වීෂබීජ හරණයට ලක් කර පසුව වාට්ටුවට රෝගින් ඇතුලත්කිරීමට රෝහල කටයුතු කර තිබේ.
බිබිල හා මැදගම ප්‍රදේශවලින් මේ දිනවල කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ කියයි
ලුණූගල ප්‍රසන්න පත්මසිරි