බේරුවලට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබෘ නොහොත් බොබ්මාලි සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15දා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
එළෙස රඳවා ගැනීමේ නියෝග ලබා දුන්නේ චමින්ද තාබෘ නොහොත් බොබ් මාලි, ඔහුගේ බිරිඳ වන සුජානි කුමාරි වික්‍රමරත්න හා සුසිල් කුමාර යන අයවලුන්ටය.
ප්‍රධාන සැකකරු වන බොබ් මාලි නැමැත්තා සන්තකේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 100 ද පොලිස් බාරයට ගෙන තිබූ අතර ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරයා එය අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කළේය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්