මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බැව් සමකැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත හා සුළු අපනයන භෝග සංවර්ධන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (9) ගාල්ලේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
බැඳුම්කරවංචාව හරහා වංචාවට ලක්වූ මුදල් නැවත වතාවක් රජයට අත්පත් කරගැනීමට වත්මන් රජය කටයුතු කරන අතර දැනට සිංගප්පූරුවේ සැඟවි සිටින හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුලු මීට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදි පැවසිය.
එහිදි ඇමතිවරයා මෙසේද පැවසීය,
බොහෝම පැහැදිලිව මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි දැඩි ලෙස කටයුතු කරනවා. ඒත් එක්කම අදාළ වෝහාරික විගණනය ඉදිරියට ගෙනයන්නටත් මේකට සම්බන්ධ පාර්ශව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පළා ගොස් සිංගප්පූරුවේ සැඟව සිටින හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුලු පිරිස් නීතිය ඉදිරියට පමුණුවන්නට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
බැඳුම්කර වංචාව හරහා මේ රටේ ජනතාවට සිදුවුන අසාධාරණය, නැවත වතාවක් එම මුදල් රජයට අත්පත් කරගැනීම වෙනුවෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපේ ආණ්ඩුව මගින් ගන්නවා යැයිද රමේෂ් පතිරණ ඇමතිවරයා සඳහන් කළේය.