අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ කොළඹ 08, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ පැවති 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.
"බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් පහසුකම් සපයමින් සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් සිදු කරනු ලබන සේවය ප්‍රශංසනීයයි. සිරකරුවන්ට පහසුකම් සැපයීමේදී සිරකරු සුභ සාධක සංගමය ලබා දෙන සහාය ශක්තියක් බව කිව යුතුයි. ඔබ සංගමය වසර ගණනාවක් තිස්සේ වාර්ෂිකව සිරකරු දිනය සමරමින් සිරකරුවන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කර තිබෙනවා.
අද වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් තිබෙනවා. එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම අපේ වගකීමක් බව සඳහන් කළ යුතුයි. අපේ අරමුණ විය යුතු වන්නේ බන්ධනාගාරයට පුද්ගලයින් යොමු වන එක අඩු කිරීමයි. දුප්පත්කම නිසා බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින් ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීමයි.
බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි. රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යතුමා පැවසීය.