මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව බවත්, බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම වැනි හේතුන් නිසා ඇතිවන ගැටළු හේතුවෙන් නිරාවරණය වන මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර තත්ත්වයන් ද හේතු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඊයේ (12) සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.
උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර, වැඩසටහන ඊයේ (12) සිට සිට 16 වන දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
බන්ධනාගාර රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත්, බන්ධනාගාර රෝහල්වල කාන්තා වාට්ටු වල පවතින ගැටළු නිරාකරණයටත් කඩිනමින් කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය අංශ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බෝනොවන රෝග බව පෙන්වා දුන් අමාත්‍යවරයා අතීතයේ සිට අප රට බෝවන රෝග පාලනය කරමින් ආදර්ශයක් ලබාදුන් රටක් බව ද පෙන්වා දෙන ලදි. මෙරට සෞඛ්‍ය පද්ධතිය සකස් වී තිබෙන්නේ බෝවන සහ බෝනොවන රෝග පාලනය කිරිමට සහ තුරන් කිරීමට බවත්, අයහපත් ආහාර රටාවන්,අයහපත් ජිවන රටාවන් හේතුවෙන් බෝනොවන රෝග වැඩි වී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.
මෙරට ජනතාව අතරින් දියවැඩියා රෝගීන් සියයට 21 ක් පමණක් අඛණ්ඩව රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවත්, අධික රුධිර පීඩනය රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 25 ක් පමණ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි. රෝග පාලනයේ දී අඛණ්ඩ ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශයේ වාර්තා අනුව කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රෝග පරීක්ෂාවට ලක් කළ ද විවිධ වෘත්තීන්වල යෙදෙන පිරිස් සහ පුරුෂයින් යන කොටස් දෙක මෙම සායන සදහා යොමු කර ගැනීම අභියෝගයක් බව ද පැවසීය.
බන්ධනාගාර නිලධාරීන්ට සහ රැදවියන්ට ප්රශස්ත සෞඛ්‍ය රැකවරණය ලබාදීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගන්නා බව ද මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව තිබෙන බෝනොවන රෝග කල්තියා හදුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ කටයුතු මෙම සෞඛ්‍ය සායන වැඩසටහන මගින් සිදු කෙරෙන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
අගෝස්තු මස 10 වනදාට යෙදුන “සිරකරුවන්ගේ යුක්තියේ” දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මනා අයුරින් පවත්වා ගෙන යාම මෙන්ම මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුල රඳවා සිටින රැදවියන් 33,500 ගේ සෞඛ්‍ය තත්තවය යහපත් අයුරින් පවත්වා ගෙන යාම අරමුුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.