බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ පැවැත්විණි.
අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි එම සාකච්ඡාවේදී ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිණි.
එමෙන්ම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
