2025.09.23 දින වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 34 765ක් බව අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ මේ අතරින් සිරකරුවන් සංඛ්‍යාව 10509ක් වන අතර සැකකරුවන් සංඛ්‍යාව 24256ක් බවයි.
එසේම 2025.08.31 වන දිනට දඩ ගෙවා ගැනිමට නොහැකිට ඇති රැඳවියන්ගේ සංඛ්‍යාව 2122ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.