බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
රත්නපුරයේදී අද (16දා) පැවැති උත්සවයකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය පසුගියදා බන්ධනාගාර බුද්ධි අංශය විසුරුහැරීමට කටයුතු කළේ එමගින් නියමිත පරිදි සේවාවක් ඉටු නොවන බව සඳහන් කරමිනි.
බුද්ධි අංශයක් නෙමෙයි නේ අපි දැන් බන්ධනාගාර පොලීසියක් ස්ථාපිත කරලා තියෙන්නේ .ඒක නීත්‍යානුකූල බලයක් තිබෙන ස්ථානයක් බවට පත් කරනවා. බන්ධනාගාර කටයුතුවලදී ක්‍රියාත්මක වෙන්න.
"මේ බුද්ධි අංශය කියන එක හදලා තියෙන්නේ 2010. අවුරුදු 08 ක් යනකල් ඒ ගැන ඒ ගොල්ලෝ කරන වැටලීම් ක්‍රියාත්මක කරන දේ සම්බන්ධව කිසිම කෙනෙක්ගේ වගකීමක් තිබුණේ නැහැ.
ඉතිං ඕන වෙලාවට සමහර ගන්න තීරණ උසස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයට සමහර විට වටේ ඉන්න දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය මත නැවැත් වුවා.එහෙම වෙන්න බැහැ.
බන්ධනාගාරය තුළ නිලධාරීන් හැටියට කටයුතු කරන අය හොඳ විනයක් තියෙන අය විය යුතුයි. මොකද සමාජයේ සාමාන්‍ය පරිසරය තුළ ජීවත් වන අය පිරිසක් නොවෙයි බන්ධනාගාරය තුළ ඉන්නේ. ඒ අයට මානුෂික හැගීමක් ඇතිව ඒ සියලු දෙනා වගේම අයිතිවාසිකම් එක විදිහට ආරක්ෂා වෙන කොටසක් විය යුතුයි."