බදුල්ල බන්ධනාගාරය තුළදී සිය කමිසයෙන් ගෙල වැළාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ගොස් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබු රැඳවියෙක් අද මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
හෙරොයින් ලග තබාගැනීමේ චෝදනාවට ලක්ව බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන තිබු මෙම සැකකරු බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් පසු මහේස්ත්රාත් නියෝගය මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ .
එසේ සිටියදී ගෙල වැළාගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය .
පාලිත ආරියවංශ