2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ නවය බැගින් ලබා ගත් සිසු සිසුවියන් 108ක් සිටින ඌවේ එකම පාසල බවට බදුල්ල මහා විද්‍යාලය පත්ව ඇතැයි එහි විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය.
එයට අමතරව ඒ සාමාර්ථ අටක් ලබාගත් සිසු සිසුවියන් 55ක්ද,ඒ සාමාර්ථ හතක් ලබාගත් සිසු සිසුවියන් 31ක්ද,ඒ සාමාර්ථ හයක් ලබාගත් සිසු සිසුවියන් 26 ක්ද සිටින බවත් අසමත් සිවි දෙනෙකු සිටින බවත් විදුහල්පතිවරයා කියයි.
මෙවර පාසලෙන් විභාගයට ඉදිරිපත්වු සිසු දරුවන් 378 දෙනාගෙන් 316 දෙනෙකු අ.පො.ස උසස් පෙළ හැදැරිමට වරමි ලබා තිබේ.විභාගය සමත්ව 99.37%ක ප්‍රතිශතයක් ගෙන පාසල ඌවේ විශිෂ්ඨ ජයක් ලබාගත් එකම පාසල බවට පත්ව තිබෙන බව විදුහල්පතිවරයා පැවසීය.
ඌව පළාතේ පාසල් අතරින් ප්‍රථම වරට බදුල්ල මහා විද්‍යාලය සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵළ ලබා ගෙන ඓතිහාසික ජයග්රහනයක් මෙවර ලබාගෙන තිබේ.
කොවිඩි වසංගත තත්ත්වය මත අනේකවිධ කැපකිරීම් කළ සාමාන්‍ය පෙළ ජයගත් සිසු සිසුවියන්ට හා එයට කැපවීම් කළ ගුරුමණ්ඩලයට විදුහල්පතිවරයා සිය ප්‍රණාමය පුද කළාය.