බදුල්ල මන්ත්‍රීවරියෝ විරෝධයක
පළාත් පාලන ආයතනවල දැනට සිටින කාන්තා මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුකරමින් කාන්තා නියෝජනය 25% සිට 16% දක්වා පහත හෙලීමට රජය පිඹුරුපත් සකස්කරන්නේ යැයි පවසමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරියන් ඊයේ (30දා) බදුල්ල හෙරිටේජ් හෝටලයට රැස්වි එම තීරණ පිළිබදව දැඩි විරෝධය පලකළහ .
රජය මෙම තීරණය ඉවත්කර නොගතහොත් දිවයින පුරා උද්ගෝෂණ මාලාවක් පවත්වා කොළඹදී දැවැන්ත උද්ගෝෂණයක් පවත්වන බවත් ඒ සදහා සියළු පක්ෂවල සහාය ලබාගන්නා බවද මෙහිදී අවධාරණය කෙරිණි.
ඔවුන් රැස්වීමක් පවත්වා ඉන්පසු සිය විරෝධය පළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
බදුල්ලේ පාලිත ආරියවංශ

popular news
-
Deepal Nirosh Thursday, 31 March 2022 02:29 PM
මන්ත්‍රීධුරයක් නැතිනම් සභික ධුරයක් කියන්නෙ ස්වේච්චා සේවා ධුරයක්. ඒක කොහොම ද අයිතිවාසිකමක් වෙන්නෙ? අනික කෝටාව ඉවත් කළත් මැතිවරණයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න බාධාවක් නැහැනෙ. අනුන්ගෙ ලනු කන මෙහෙමත් මෝඩ රැළක්?
Reply : 0 0
Samanthaa Friday, 01 April 2022 03:35 AM
ජනාධිපති ප්‍රේමදාස මහතාගේ කාලයේ කාන්තාවන් සදහා විශේෂ පහසුකම් සැලසුවා උදාහරණයක් ලෙසට මාතෲ නිවාඩුව දින 84 ක් කලා බස් වලට ගැබිනි මව්වරුන්ට ආසනයක් වෙන් කලා යහපාලනය කාලේ පලාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය සියයට විසි පහක් කලා දැන් පාලකයින්ට කාන්තාවන් අවශ්‍ය අර වැඩේට පමණයි දැක්කා නේද පාර්ලිමේන්තුවේ කුට්ටියා කරපු වැඩේ කෝ ඒකට ආණ්ඩුවේ මොන ලොක්කද වචනයක් වත් කිව්වෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

