බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
බදුල්ල කොළඹ කොටුව අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද(24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රියේ පිටුපස එන්ජිම මෙසේ ඊයේ (23) රාත්‍රි කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්ව තිබිණ.
අනතුරුව මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය හීල් ඔය දුම්රිය ස්ථානයේ නවතා එම දුම්රියේ එන්ජිම ගලවා රාත්‍රි තැපැල් දුම්රියට අමුනා යලි කොළඹ කොටුව බලා ධාවනය කරවූ බවත් , බදුල්ල දුම්රිය ස්ථානයේ සිට පැමිනි දුම්රිය ආපදා සේවක පිරිස පිලීපැනීමට ලක්ව තිබු දුම්රිය එන්ජිම පිලීගත කර හීල් ඔය දුම්රිය ස්ථානයේ නවතා තිබු අංක 1007 දුම්රියට සවිකර එම දුම්රිය හීල් ඔය සිට බදුල්ල බලා ධාවනය කරවූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

