නව රජය බලයට පත්වීමෙන් පසුව බදු සහන ලබාදිමට ගත් ක්‍රියාමාර්ගය වැරදි තිරණයක් බවත් එය දෙවැනි අයවැයේදී පවා නිවරදි කර ගැනීමට අවස්ථාව තිබුණත් එය සිදු නොවුණ බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. බී.බී.සි. නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්මෙින් ඔහු මේ බව සඳහන් කරයි.
‘බදු සහන ලබාදීමට ගත් ක්‍රියාමාර්ගය නිවැරදි තීරණයක් ලෙස මම හිතන්නේ නෑ. නමුත් එම තීරණය ගත්තේ මෙම මුදල් නැවතත් ආර්ථිකයට අයෝජනය කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි ජනපතිවරයා ගත්තේ. නමුත් ඔහු හිතපු ආකාරයට එය සිදු වුණේ නෑ. දෙවැනි අයවැයේදී මෙම තීරණය නැවත හැරවිමට තිබුණා. නමුත් අවාසනාවකට එය ඔවුන් සිදු කළේ නෑ.’ යැයි ඔහු පවසයි.
Q අයි.එම්.එෆ්. යන්න තිබුණේ මිට කලින් බව ආර්ථික විශේෂඥයින් සඳහන් කර තිබුණා. විදෙස් ශ්‍රමිකයන් මුදල් එව්වේ නීතිමය මාර්ග වලින් නෙමෙයි. ඇයි මේ අවවාද වලට රජය ඇහුම්කන් දුන්නේ නැත්තේ.
A ඒක යන්නෙත් නිලධාරීන්ගේ පැත්තට. ඔවුන් තමයි තීරණ ගත්තේ. ආර්ථික තීරණ ගන්නේ දේශපාලඥයින් නෙමෙයි. මුදල් ඇමතිවරයාට, ලේකම්වරයාට උපදෙස් දෙන්නේ ඇතැම් නිලධාරීන්. වර්තමාන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දීලා තියෙනවා කියලා.
Q ගොඩක් මිනිස්සුන්ට රැකියා අහිමිවෙලා තියෙනවා. ආහාර වේල් තුනක් ගන්න මිනිස්සු දැන් ගන්නේ ආහාර වේල් දෙකයි. මොකද පිරිවැය ඉහළ යන නිසා. මේ අයට මොකක්ද කියන්නේ?
A මෙයින් ගොඩ එන්න අපි වැඩ කළ යුතුයි. එකිනෙකාට බැන ගැනීමෙන් වැඩක් නෑ. දේශපාලඥයින් ලෙස අපි එකිනොකාට බැන ගන්නවා. මෙයින් මේ ගැටලු විසඳෙනවාද? ඔවුන් ආහාර වේල් තුනක් ලැබෙනවද?
විපක්ෂයේ දේශපාලඥයින් ගත්තත් අපි ඉදිරියට යා යුතු ආකාරය ගැන කියන්නේ නෑ. ඒ වගේම මේ වන විට තීරණ ගන්නා නිලධාරීන් අනාගතය ගැන සිතන්න වෙනවා.