වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා වෙනුවෙන් බදු ලිපිගොනුවක් විවෘත කළත් ඒ සියලු දෙනාගෙන් බදු අයකිරීමක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වෘත්තීය වේදීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් හා වසය අවුරුදු 18 සම්පූර්ණ වන සියලු දෙනා බදු ගොනුවක් විවෘත කළ යුතු බවට සඳහන් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවැසීය.
බදු ගොනුවක් විවෘත කිරීම මගින් ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2023 අයවැය යෝජනා අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත් රාජ්‍ය ආදායම නියාමනය කිරීමේ අරමුණින් මෙම ලිපිගොනු විවෘත කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.