බද්දේගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2026.10.04 වන දින අළුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ඇත. සැකකරු අවුරුදු 27 ක් වන කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු පැය 48 ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.