බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනතට අනුමැතිය
බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජනාධිපති නීතීඥ ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රේෂ්ඨාධිකරන තීරණ අනුව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබෙන බව පැමිණ සිටි අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව මෙම පනත් කෙටුම්පත පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කොට මීළඟ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කොට සලකා බැලීමට තීරණය කෙරිණි.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ගරු රවුෆ් හකීම්, ගරු උදයන කිරිඳියගොඩ යන මහත්වරු සහභාගී වූහ.
popular news
-
K Tex Thursday, 15 December 2022 12:01 AM
බද්දට දුන් පරිශ්‍රවල සංතකය ආපසු ගන්න පනත සම්මත කලා කිව්වම රත්නපුර දිස්ත්‍රික්කයේ රජය සතුව තිබී අසූව දසකයේ බද්දට දුන්නු බලවේග පේෂකර්ම මධ්‍යස්ථාන ගැන කියන්න වෙනවා ඒවායින් තුනක් තියෙන්නෙ ඇඹිලිපිටිය ,රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ එයින් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිරිපිට .ඒක බද්දට ගත් පිරිස් කර්මාන්ත ශාලාව වසා ගොඩනැගිලි වෙළඳ ව්‍යාපාර සදහා කුලියට දීලා විශාල ලෙසට මුදල් උපයනවා රජයේ ආයතන මෙන්ම බැංකු පවා එහි කුලියට ඉන්නවා මේවා ගැනත් බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

