බදුල්ල මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමඟ එක්වී බදුල්ල පිංඅරාව ප්රදේශයේ ඊයේ (27) සිදු කල හදිසි රථ වාහන පරීක්ෂාවකදීවිවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කල මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කළහ .
මෙසේ තහනම් නියෝග නිකුත් කළ බස්රථ අතර ශ්රී ලංගම මගී බස්රථ හයක් , පෞද්ගලික මගී බස්රථ තුනක් තිබෙන බවත් ,එම බස්රථ වල අඩුපාඩු දින දහයක් ඇතුලත අලුත් වැඩියා කර ඉදිරිපත් කරන ලෙසට මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා නියෝග කරනු ලැබූහ .
බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ගේ සහය මත මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා මෙසේ රථ වාහන පරික්ෂාවසිදු කල අතර ,ටයර් ගෙවීම් ,ආසන අබලන් වීම ,තිරිංග පද්ධතියේ දෝෂ ,බොඩියදිරාපත් වීම, ආදි විවිධ දෝෂඅඩුපාඩු සහිත බස්රථ සදහා තහනම් නියෝග නිකුත් කළහ .
ඇල්ල ප්රසාද් රුක්මල්