පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් අද (23) පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
බන්ධනාගාර ජේලර්වරයකු ගෙන් හා නියාමකවරුන් දෙදෙනකුගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
පැමිණිලිකාර වෛද්‍ය ප්‍රියංක ඉඳුනිල් පුපුලේවත්ත මහතා ඉකුත් 15 වෙනි දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළදී රැදවියන් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා ඩිස්පැන්සරිය තුළට කඩා වැදීම හේතුවෙන් ඔහුට තම වාරය පැමිණෙන තුරු පිටතට ගොස් සිටින ලෙස වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම ආවේගශීලී වෛද්‍යවරයාට මරණීය තර්ජනය කර තිබූ බව වෛද්‍යවරයා විසින් ඉකුත් 21 බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි
එහිදී රිෂාඩ් බදුයුදීන් මහතා වෛද්‍යවරයා වෙත අත දිගුකරමින් " තමුසේ දන්නැද්ද මොකක් කරලද මම ආවේ කියලා .තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන් ,පැයක් ඇතුලත මාරුකරලා යවන්නත් පුළුවන් .තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසේයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි .ඒක හොඳට දැන ගන්නවා"
එතකොට තමුසෙගෙ ගෑනි ට මිනිහෙක් ළමයිට තාත්තෙක් නැති වෙයි .තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදුර්දීන් යයි මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ’
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද නියෝගයක් අනුව පෙරේදා (22) අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළට ගොස් ස්ථාන පරීක්ෂාවක් සිදු කරනු ලැබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
සිද්ධිය වූ දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළට වෛද්‍යවරයාව කැඳවාගෙන ගිය නියාමකවරයා ගෙන් මෙන්ම බදුර්දීන් මහතා ආවේගශීලීව හැසිරෙන අවස්ථාවේදී ඔවුහු පිටතට රැගෙන ඒමට ගිය ජේලර් වරයාගෙන් සහ නියාමකවරයා ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
තවද එම අවස්ථාවේදී ඩිස්පැන්සරිය තුළ සිට වෛද්‍ය වරයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සහාය දැක්වූ රැඳවියා ගෙන්ද අධිකරණයට කරුණු වාර්තා කර ප්‍රකාශ ලබා ලබා ගැනීමට කටයුතු කරන බවත් මීට අමතරව එදින ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඩිස්පැන්සරිය ඉදිරිපිට රැඳී සිටි රැඳවියන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයිද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය