Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කරන ගුවන්විදුලි නාට්‍ය මාලාව හේතුවෙන් බුදුදහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය බව සංහිඳියා කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කිරීම හේතුවෙන්, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පල කළ බව එහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
එම නිවේදනය මෙසේය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත් වාර්තාවන් සහ නොදැනුවත්කමින් සිදුකර ඇති ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමුව ඇත.
සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති නාට්‍ය මාලාවක් “රේඩියෝ කතා” නමින් රාජ්‍ය ගුවන්විදුලි සේවාවක් වන ITN FM (FM 93.5 / 93.7) ඔස්සේ අගෝස්තු 03දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වෙමින් පවතී.
මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණ-ධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කරන නිසා, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පල කරන ලදී.
බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.
අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ රජයේ අවධානය සහ ක්‍රියාකාරකම් තුළින් ප්රජාතන්ත්රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩනගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරුකරන, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමත්, පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව ඒ පිළිබඳ අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙළා දකිමු.
සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලවට සවන්දී ඒ පිළිබඳ සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු.
මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර, එමගින් යමෙකුට සිත්තැවුලක් ඇති නොවිය යුතු නිසා විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට කටයුතු කරන්නෙමු.
popular news
Champa Monday, 20 August 2018 06:10 PM
බම්බුව තමයි. කතාවලට දාපු නමෙන්ම පේනව අරමුණ මොකක්ද කියල. "නිවන් සැප ලැබේවා = නිහොන් සැප ලැබේවා " (චන්ද්‍රිකා අනුමත කරපු නම) ඊළඟට "තෙරුවන් සරණයි = තරුවන් සරණයි" (චන්ද්‍රිකා අනුමත කරපු නම) ඊළඟට "නිබ්බානම් පරමං සුඛං = නිර්වස්ත්රන් පරමං සුඛං" (චන්ද්‍රිකා අනුමත කරපු නම.) මෙහෙම කරලා චන්ද්‍රිකා කියනව 'බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කරන්නේ නැහැලු." මෙහෙමද බුදුදහමට වටිනාකමක් දෙන්නේ? බෞද්ධයන්ගේ සිත් අන්තිමටම රිද්ද්වලා හාමුදුරුවරුන්ට පුළුවන් තරම් හිරිහැර කරදර කරල? මේක "එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමක්"ලු!!! -- ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට සහ "හිරු" නාලිකාවට සියලු බෞද්ධයන් කෘතවේදී වෙන්න ඕනේ මේ ගැන රටට කියපු එකට. ලංකාවේ බහුතරයකගේ ආගම වගේම ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙලා තියෙන අහිංසාවාදී බුද්ධාගමේ වචන සහ යෙදුම් තමන්ට ලැබෙන ඩොලර් වෙනුවෙන් විකෘති කරලා බුදු දහමට අගෞරවයක් කරනම චේතනාවෙන්ම හදපු මේ නාට්‍ය සම්පූර්නයෙන්ම තහනම් කරන්න ඕනේ. නම වෙනස් කරලා ආපහු ගෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.
Reply : 0 80
Champa Monday, 20 August 2018 06:34 PM
ඊළඟට මේවාට සහභාගී වෙන රටේම ගෞරවාදරයට පාත්‍ර වෙච්ච ප්‍රවීන නළු නිළියන්ට කියන්න ඕනේ සල්ලි වලට තමන්ගේ ආත්මය පාවලා දෙන්න එපා කියලා. ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයිද මම දන්නේ නැහැ. චන්ද්‍රිකාට ආගමක් නැහැ චන්ද්‍රිකාගේ ආගම නම් ඩොලර් කියලා හැමෝම දන්නවා. ඒ නළු නිලියෝ බෞද්ධ නොවුනත් මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධයන්ට හිත්වේදනා දෙන විදියට බුදුදහම විකෘති කරමින් කරන නාට්‍ය වලට ඔවුන් සම්බන්ධ වෙච්ච එක ගැන හුඟක් ලජ්ජා වෙන්න ඕනේ. ---- වහල් ආණ්ඩුවට අද කිව්වා කියලා හිතාගන්න, 2021න් වගේ පස්සේ ලෝකේ පුරාම බුදුදහම ගැන ලොකු ප්රබෝධයක් ඇති වෙනවා. අපි නොහිතන රටවල් සහ ඒ රටවල මිනිසුන් බුදුදහමේ අධ්‍යාත්මික හරයන් සහ වටිනාකම් ගැන හුගක් ප්‍රසාදයට පත් වෙලා ඒ පැත්තට නැඹුරු වෙනවා. බොහෝ රටවල් ප්‍රශ්න වලට විසඳුම් විදියට බුදු දහමේ ඉගැන්වීම් මූලාශ්‍ර කරගන්නවා. ඒ හින්ද චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල් හිතා ඉන්නවා නම් මේ අපේ බෞද්ධ රට අනාගමික කරන්න ඒක හරියන්නේ නැහැ. බුදුදහමට එරෙහිව කරන හතුරුකම් සියල්ලට තමන්ට විඳවන්න වෙනවා. ඒ හින්ද මේ අපේ සිංහල බෞද්ධ රට අනාගමික කරන්න කෙලින්ම සහ වක්‍රාකාරව කරන කුමන්ත්‍රණ හතුරුකම් සියල්ල හොඳ හිතින් වහාම නවත්තන්න.
Reply : 0 67
rocky Wednesday, 22 August 2018 11:23 AM
මේ නාට්‍ය පෙළ නිෂ්පාදනය කල පුද්ගලයා කිසිම ගුවන්විදුලි ආයතනයක නිෂ්පාදකයෙක් නොවේ. මෙය පවුද්ගලිකව මුදල් ගෙවා නිපදවන ලද නාට්‍ය පෙළකි. ඔහු සම්මානනීය "අධ්‍යක්ෂක" කෙනෙකුද නොවේ. සහභාගී කරගෙන ඇති ශිල්පීන් අතර ගුවන් විදුලි නාට්‍ය ගැන පළපුරුද්දක් දැනුමක් ඇත්තේ ලූෂන් බුලත්සිංහලට පමණි. ජනප්‍රිය පුද්ගලයන් දෙතුන්දෙනෙකු සිටින බව පිළිගත හැක. එහෙත් - රත්නා ලාලනී සහ ශ්‍යාමලී ලිවේර හැර - ඔවුන් දක්ෂ "ගුවන්විදුලි ශිල්පීන්" නොවේ. තිලින සමරසුරිය කියන්නේ ජනප්‍රිය ශිල්පියෙක්ද? අප දන්නා තරමින් මේ NGO නඩයේ පොතේගුරා ඔහුය!
Reply : 0 61
rocky Wednesday, 22 August 2018 06:59 PM
මේ කියන නාට්‍යවලින් වැඩිහරියක් `ඔය කියන` ගුවන්විදුලි නාට්‍ය ඔස්තාඩ් විසින් තමන්ගේම වියදමෙන් පලකරන ලද "නිහොන් සැප ලැබේවා" නාට්‍ය පොතෙහි ඇත. ඒ පොතේ පෙර වදන අනුව එය පුස්තකාල මණ්ඩලය විසින ප්‍රකාශන ආධාර දීම ප්‍රතික්ෂේප කරන ලද්දකි. එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ එය බවුද්ධ ආගමට අපහාස කිරීම , සාරධර්ම හෙලා දැකීම, ඒවාට සමච්චල් කිරීම වැනි කරුණුය. මම දැන් ටිකවෙලාවකට පෙර මේ නරුමයාගේ නාට්‍ය තැටියේ අඩංගු "ඵන්සලක් " සහ "නිර්වස්ත්රන් පරමන් සුඛං " ශ්‍රවනය කලෙමි. පළමුවැන්න බවුද්ධයන් මිත්‍යා මත දරන සාහසික ම්ලේච්චයන් හැටියට දක්වයි. අනෙක ගැහැණුන්ගේ යට ඇඳුම් ගැලවීම ගැනය. හිරිකිතය. මහා දිග දෙබස් කියවීම මෙන්ම ශිල්පීන්ගේ කෙරුවාවල් ඉතා දුර්වලය. නාට්‍ය වශයෙන් මේවා ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීමට උවමන වූ එක මොකාදැයි සොයා බැලිය යුතුය.
Reply : 0 62
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd