ගෑස් ලිපකින් බත් මුට්ටියක් පිසිමින් සිටී පුද්ගලයකු ලිපමත ඇදවැටී පිලිස්සී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර, රෙමුණගොඩ ප්රදේශයේ පදිංචිව සිටී එච්.ඒ.කරුණාදාස නමැති 60 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා කිසියම් රෝගී තත්ත්වයකින් පෙලී ඇති බවත්, නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවත් සදහන් වේ.
ඔහු දිවා ආහාරය පිණිස බත් මුට්ටියක් ගෑස් ලිපමත තබා පිසීමින් සිටියදී අනතුර සිදුව ඇති බවත්, පිලිස්සී බරපතළ තුවාල ලබා සිටින අයුරු අසල වත්තක රබර් කිරි කපන කාන්තාවක දැක ඇති බවත් පොලිසිය කීය.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය