බණ්ඩාරවත්තේදි සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම
බියගම පොලිස්ස්ථානපේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බණ්ඩාරවත්ත ප්‍ර දේශයේ වැටලිමක් සිදුකර කාර් රථයක් පරික්ෂා කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 521ක් හා හොරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 941ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලියෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ඊයේ රාත්‍රි සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31 ක් වන බෝමරිය, කඩුවෙල පදිංචිකරුවෙකි. එම ප්‍ර දේශයේ සිදුකරන ලද තවත් වැටලිමකදි අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 02.310ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5.310ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 31 හා 40 වයස්හි පසුවන කඩුවෙල හා සිමඹලාපේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය අවුරුදු 39ක් වන අරලගංවිල පදිංචිකාරිනියකි.
බියගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

