බණ්ඩාරගම සිසුවෙකුගෙන් ස්වයංක්‍රීයව වැහි පීලි පවිත්‍ර කිරීමට නව නිර්මාණයක්
තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .
ඔහු නමින් ඔෂාන් රශ්මිත වික්‍රමසුරිය යි. බණ්ඩාරගම ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන ඔහු 15 හැවිරිදිය.
නිවෙස් වල සවිකර තිබෙන වැහි පීලි ඩෙංගු මදුරුවාට කදිම තෝතැන්නකි. අද සමාජයේ බොහෝ පුද්ගලයන්ට තිබෙන කාර්යබහුලත්වය හේතුවෙන් විශේෂයෙන්ම නිවසක සවිකර තිබෙන වැහි පීලි සුද්ධ පවිත්‍ර කිරීමට අවස්ථාවක් නැත .ඒ වගේම මැලිකමක් දක්වති.එය ඩෙංගු රෝගය ව්‍යාප්තියට ද ප්‍රබල හේතුවක් බව අප කවුරුත් දන්නා කරුණකි.එවන් වූ තත්ත්වයක් මත ස්වයංක්‍රීයව වැහි පීලි සුද්ධ පවිත්‍ර කිරීමට නව නිර්මාණයක් කිරීමට ඔශාන් සිසුවා සමත් වී ඇත.
විදුලි බලයෙන් හෝ බැටරියෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් නිෂ්පාදනය කර තිබෙන මෙම ස්වයංක්‍රීය වැහි පීලි නිර්මාණය වර්ෂාවක් නිමවූ විටදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ව වැහි පීල්ල තුළ තැන්පත්ව තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමත් ඊට අමතරව පැය විසි හතරකට වරක් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වි වැහි පීල්ල තුළ තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කිරීම මෙහි ඇති විශේෂත්වයකි.තෙතමනයට ද ඔරොත්තු දෙන ලෙස මෙම නිර්මාණය සිදුකර තිබීම තවත් විශේෂත්වයකි
මේ පිළිබඳ ඔෂාන් රශ්මිත වික්‍රමසූරිය සිසුවා අදහස් දක්වමින් මෙසේ පැවසීය
ඇත්තෙන්ම මෙම නව නිපැයුම සඳහා අදහස මගේ සිතට ආවේ මගේ තාත්ත නිසයි .මගේ තාත්තත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳි අයෙක්.ඩෙංගු රෝග ව්‍යාපෘතියට ද වැහි පීල්ල නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරීම එක් හේතුවක් .
එය සුද්ද පවිත්‍ර කිරීමට බහුතරයක් දෙනාට අවස්ථාවක් නොලැබීමෙන් ඩෙංගු රෝග ව්‍යාපෘතියට දැඩි සේ බලපානවා.වැහි පීල්ල සුද්ධ පවිත්‍ර කිරීමට .කාලයත් ශ්‍රමයත්.ඉතිරි කරගනිමින් සිදුකළ හැකි යම් නිර්මාණයක් සිදුකිරීමට ඇත්තටම මට හිතුනා.
එම අදහස මල්ඵල ගන්වමින් වැහි පීලි ස්වයංක්‍රීය සුද්ද පවිත්‍ර කිරීමේ නව නිපැයුමක් නිර්මාණය කිරීමට මට අවකාශ ලැබුණා
අත්හදා බැලීමක් ලෙස මීටර් තුනක් පමණ දිගින් යුත් වැහි පීල්ලක් ගෙන එයට මා විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම සවිකර ක්‍රියාත්මක කළා .ඉතා සතුටුයි කියන්න ඉතා සාර්ථක ලෙස වැහි පීල්ල තුළ තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කදිම නිර්මාණයක් වුණා.
මේ සඳහා මට රුපියල් 1200 ක් පමණයි වැය වුණේ .ඒ වගේම දින තුනක පමණ කාලයක් ගත වුණා. මගේ නව නිපැයුම මම පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කර තිබෙනවා
ඒ වගේම ඉතාමත් සතුටින් කියන්නේ මේ වන විටත් වැහි පිලි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් මගේ නිවසට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කර මගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරමින් ඉන්නවා යැයි ඔහු තව දුරටත් පැවසීය.


popular news
-
Kumar Tuesday, 15 February 2022 06:08 PM
amerikawe evwani yanthra naha. merata wahipeeliwala kola pirenawata peellay palalata thunidal wikunana thibenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

