රටේ පවතින තත්ත්වය සමග එක් වරම අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ප්‍රබල ව්‍යාපාරිකයින් විසින් සිදුකරගෙන යන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
ඒ අනුව පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් කෙසේදැයි සොයා බැලීම් අප විසින් සිදු කළෙමු .
සම්බා සහල් කිලෝවක් 220 ත් 230 ත් අතර මිලකට අලවි වෙද්දී නාඩු සහල් කිලෝව රුපියල් 190 ත් 200 ත් අතර මිලයකට අලෙවි වෙයි. කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි .විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සහල් කිලෝවක් වෙළඳපොලේ රුපියල් 185 කට අලෙවි වන අයුරු නිරීක්ෂණය විය.
සුදු සීනි කිලෝවක් රුපියල් 225කට අලෙවි වෙද්දි දුඹුරු පැහැති සීනි කිලෝවක් රුපියල් 235 කට අලෙවි වෙයි. පරිප්පු කිලෝවක් රුපියල් 465 ත් 470 අතර මිලකට අලෙවි වෙද්දි රුපියල් 35 කට අලෙවි වූ දියලුණු කිලෝව මේ වන විට රුපියල් 60 ක මුදලකට අලෙවි වීම විශේෂත්වයකි.
වෙළෙඳ පොළේ වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති මිරිස් කරල් රුපියල් 1500 කි. මිරිස් කුඩු කිලෝ එකක් රුපියල් 1600 ත් 1700ත් අතර ඉහල මිලකට ලෙවි වෙද්දී ඒවා ප්‍රමිතියකින් තොර බව ජනතාව වෙළඳපොලේ දී පෙන්වා දුන්හ .
එමෙන්ම සරක්කු කිලෝවක් රුපියල් 690 ත් 750 ත් මිලක් පවතී , කහ කුඩු කිලෝවක් 4000 සිට 6000 ක මිලයකි , පොල් තෙල් කිලෝ එකක මිල රුපියල් 950 කි . තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 කට අලෙවි වෙද්දි සැමන් ටින් එකක් රුපියල් 390 ත් 410 ත් අතර ඉහළ මිල යකට අලවි කෙරෙති .
අලුත් අවුරුදු සමයේ වැඩි වශයෙන් අලෙවි වෙන මුං ඇට කිලෝවක් රුපියල් 890 ත් 900 ත් අතර මිලකට අලෙවි වෙද්දී හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 1200 කි. සු දුරු කිලෝවක් 1700 කට අලෙවි වන අතර මහදුරු කිලෝව 1380 කි . ඉතා අඩු මුදලකට පැවති සුදු ලූනු කිලෝව රුපියල් 610 දක්වා ඉහළ ගොස් තිබිණි
විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් රුපියල් 210 ක මිලකට අලෙවි වෙද්දි අර්තාපල් අල කිලෝ එක රුපියල් 170 ත් 190 ත් අතර මිලයකට අලෙවි වීම විශේෂත්වයකි.
අනෙක් සෑම භාණ්ඩයක්ම එනම් සුවඳ විලවුන් සබන් වර්ග සහ නූඩ්ල්ස් වර්ග පපඩම් කඩල කව්පි රෙදි සෝදන කුඩු වර්ග ආදී සියල්ල සියයට අසූවකටත් වඩා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

