වර්තමාන ආණ්ඩුව සියල්ල දත් ආණ්ඩුවක් නොවන බැවින් භාණ්ඩ මිල අඩු කිරීම සඳහා විපක්ෂයේ යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් එම යෝජනා පිළිගැනීමට සූදානම් බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධ හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 30 වැනිදා පනවන ලද හදීසි නීති රෙගුලාසි වලට අදාළ ප්රකාශනය පිළිබද අද (06දා) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.
“අපි අද කළ යුතු වන්නේ මොකක්ද. මේ භාණ්ඩ තිබෙන මිල මීටත් වඩා පහත හෙළීම. ඒ සඳහා යෝජනා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි සූදානම් නිහතමානී වෙලා මේ මිළ මෙතනින් පහළට ගෙන ඒම වෙනුවෙන් අදහස් යෝජනා භාරගන්න.
අපි දකින්නේ නැති ඒවා තිබෙන්න පුලුවන්. අපි කියන්නේ නෑ අපි සියල්ලදත් කියලා. අපි පිළිගන්නවා. මේ පාරිභෝගික අධිකාරියේ තිබෙන නීතී ක්‍රියාත්මක කරලා නැති නම් අපිට පෙන්වලා දෙන්න. ඒ වගේම මේ 220 තිබුණු සීනි 122ට අඩු වෙලා තිබෙන තැනින් තවත් අඩු කර ජනතාවට තවත් සහන දෙන්න පුලුවන් නම් අපි ඔබතුමන්ලාගේ අදහස් යෝජනා පිළිගන්න සූදානම්. මේ සීනී මිල හරහා යම් පිරිසක් ලාභයක් ලැබුවා. කාටවත් සහන සැලසීමට මේ බද්ද අඩු කළා නෙවෙයි සැබෑ ලෙස පාරිභෝගිකයාට සහනයක් ලබා දීමේ අරමුණක් ඇතිව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ.”