මන්නාරම සහ මැදවච්චිය ප්රධාන මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරිරථයක් ඊයේ (13දා) මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකදී එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මුරුන්ගන් පොලීසිය පවසයි.
මැදවච්චිය දෙස සිට මුරුන්ගන් දෙසට ධාවනය වී ඇති බට්ටා ලොරි රථයේ දෙදෙනෙකු ගමන්කොට ඇති අතර රියදුරුට නින්ද ගොස් හෝ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි විශාල නුග ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
අනතුරින් රථයේ රියදුරු බරපතල තුවාල ලබා මන්නාරම් රෝහලට ඇතුලත් කර ඇති අතර ඉදිරිපස අනෙක් අසුනේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් සිට ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම එරුක්කන් පිඩ්ඩි ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි අසන් මොහම්මදු අර්ෆාන් නැමති අයෙකු බවට පරික්ෂණ සිදුකරන මුරුන්ගන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
