බජට් වියට් ජෙට් ලංකාවට
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සළසන අඩු වියදම් ( Budjet Air Line ) ගුවන් සේවයක් වන වියට් ජෙට් ගුවන් සේවය සිය ගුවන් සේවා ශ්රී ලංකාවට ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය 08/18 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මේ සදහා පිරිමැසුම්දායක පංතියේ ආසන 180 ක් ඇති , ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය පදවා ගෙන පැමිණි ප්රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ලෙස ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු වූ පානදුර ප්රදේශයේ පදිංචි තිවංක සිල්වා සහ මොරටුව ප්රදේශයේ පදිංචි රන්දීර් පෙරේරා කටයුතු කිරීම විශේෂත්වයකි .
මෙම වියට් ජෙට් ගුවන් සේවයේ වී.ජේ.- 1875 දරන පළමු ගුවන් යානය 08/18 දින රාත්රී 09.33 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර එම ගුවන් යානය ගුවන් මගීන් 171 දෙනෙකු රැගෙන යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමයේ හෝචිමිං ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය .
ගුවන් සේවය අගහරුවාදා බ්රහස්පතින්දා සහ සෙනසුරාදා වශයෙන් සතියකට දින 03 ක් වියට්නාමයේ හෝචිමිං නුවර ගුවන් තොටුපොළ සහ ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ධාවනය වීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
