බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදෙකලා කරයි
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් ඊයේ දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් (01) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය විම නිසා එම ආසාදිතයන් හය දෙනා (01) දින රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කමුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
ආසාදිතයන් පදිංචි නිවාස වලට ආසන්නයේම පවුල් 32කට අයත් සාමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පවුල් 32 පදිංචි වතු නිවාස කොටස (01) දින රාත්‍රියේ සිටම හුදකලා කල බවත් ,එම පවුල් වල සමාජිකයන්ගේ පි.සි.ආර් පරික්ෂණය (02) දින සිදු කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

