බෝගම්බර හිර ගෙදර සිට කතා කරන පාතාලයෙකු සේ හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණිය තර්ජනය කල බවට අනාවරණය වු වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි
වෙන්නප්පුව ප්‍රදේශයේ මස්කඩ ව්‍යාපාරිකයෙක් තමන්ට නාදුනන දුරකතන අංකයකින් කතා කර මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් තවත් මස් කඩහිමියෙක්ව සැක බවට පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (02) පැමිණිලිකරුවා හා සැකයක් තිබෙන බව කිවු මස් කඩ හිමියා පොලීසියට ගෙන්වා විභාග කර දුරකතන අංකය සම්බන්ධයෙන් සොයා බැලිමේදි මෙම දුරකතන ඇමතුම ලබා දි ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක්ගේ දුරකතනයෙන් බවට තොරතුරු හෙළි වු බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි විභාග කල පොලිස් නිලධාරින් විමසිමේදි තමන් මෙම දුරකතන ඇමතුම තම මිතුරෙක් වු පැමිණිලිකාර මස් කඩ හිමියාට ලබා දුන්නේ විහිළුවට බවට පැවසු බව පොලීසිය පැවසීය.
දුරකතනයෙන් කතා කර තමන් බෝගම්බර හිරේ සිටින චුට්ටෙ බවත් මස් කඩයේ වෙළඳාම් ආරම්භ කළොත් බෙල්ල කපා මස් කඩයේ කොක්කක එල්ලා තබන බවට තර්ජනය කල බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.
කාලයක සිට මස් කඩ සම්බන්ධයෙන් පැමිණිලිකාර මස් කඩ හිමියා හා මෙම දුරකතන ඇමතුම ලබාදුන් බවට සැකකර පොලීසියට කැඳවු මස්කඩ හිමියා අතර විවිධ ගැටලු තිබු බවත් මන්ත්‍රිවරයාගේ මෙම ව්‍යාජ දුරකතන ඇමතුම හේතුවෙන් විශාල ඛේදවාචකයක්ද ඇතිවීමට තිබු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
තමන් හා පැමිණිලිකාර මස්කඩ හිමියා අතර ගැටලුවක් ඇතිවන ආකාරයෙන් හා හානියක් වන ආකාරයෙන් දුරකතන ඇමතුමක් දීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාට එරෙහිව පැමිණිල්ලක්ද ලැබි ඇති හෙයින් එ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.