බංග්ලාදේශය අතිවිශාල ජනතාවකින් සමන්විත වුවත් ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදයට පිළියමක් ලෙස අර්තාපලි ලබාදිමට කටයුතු කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පවසයි.
සාක් සංවිධානයේ මහ ලේකම් ඇසල වීරකෝන් මහතා හා පැවැති සාකච්ඡාවකදි ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
කොවිඩ් 19 නිසා හා රුසියා යුක්රේන ගැටලුව නිසා ඇතිවූ ලෝක ආහාර අර්බුදයට විසඳුමක් ලෙස බංග්ලාදේශය වැඩි වශයෙන් වගා කිරීමට කටයුතු කර ඇතිබව අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.
බංග්ලාදේශ පර්යේෂකයන් විවිධ වර්ග වල බීජ අත්හදා බලමින් සිටින බවත් දකුණු ආසියාවේ පොදු සතුරා වන දුප්පත්කමට එරෙහිව සටන් කිරිමට රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ඇය පැවැසීය.