බංග්ලාදේශය අයි.එම්.එෆ්. ගනුදෙනුව සම්පූර්ණ කරයි
බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.7 ක ණයක් නිදහස් කිරීම වහාම ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී තිබේ. ආර්ථික ගැටලු මධ්‍යයේ පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහාය ඉල්ලා සිටි රටවල් තුන අතරින් පළමුවෙන්ම අරමුදල් ලබා ගන්නා රට බවට මේ අනුව බංග්ලාදේශය පත්වෙයි.
ජංගම ගිණුමේ හිඟය තියුනු ලෙස පුළුල් වීම, ටකා මුදල් අවප්‍රමාණය වීම සහ විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විමින් මුදාහරින මෙම මුදල බංග්ලාදේශයට දැවැන්ත අර්ථික උත්තේජනයක් වෙනු ඇත.
මෙම මුදල් අතරින් ඩොලර් මිලියන 476 ක් පමණ ක්ෂණිකව බංග්ලාදේශයට ලැබෙනු ඇත. බංග්ලාදේශයට අමතරව පාකිස්තානය හා ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා විස්තීර්ණ අරමුදල් පහසුකම් ඉල්ලා තිබුණි.
විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමේ උත්සාහයන් මධ්‍යයේ පසුගිය වසරේදී බංග්ලාදේශ ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2ක ණය පහසුකමක්ද ඉල්ලා සිටියේය.
popular news
-
Samson de silva Wednesday, 01 February 2023 02:55 AM
Yako, ikmanata palayallaa Bangladeshayata. Gihin apey minissunta kanna bonna, beheth ganna, newathath keeyak hari illaganillaa. Den BD apita wadaa dasa gunayak pohosath!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

