බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ආපසු ගෙවීමට ලබාදුන් කාලය තවත් මාස 12කින් දීර්ඝ කිරීමට බංග්ලාදේශ බැංකුව තීරණය කර තිබේ.
එම බංකුවේ අධ්යක්ෂ මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථවේදී මෙම තීරණය ගත්තේය. 2021 වසරේදී ශ්‍රි ලංකාව මෙම මූලය පහසුකම බංග්ලාදේශයෙන් ලබාගත්තේ මාස තුනකින් නැවත ගෙවීමේ කොන්දේසිය යටතේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් එම ණය ගෙවීමේ කාලය අවස්ථා කිහිපයකදීම දිර්ඝ කළේය.
කෙසේ වෙතත් ණය ලබාදීමේ කොන්දේසි ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට බංග්ලාදේශය තිරණය කර තිබේ. බංග්ලාදේශය ලෝකයේ රටක් වෙත ලබාදුන් පළමු ණය වන්නේ ශ්‍රි ලංකාවට ලබාදුන් මෙම ඩොලර් මිලියන 200 ණයයි.