බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකම මේ වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාලයේදී ආපසු ගෙවීමට හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ආපසු ගෙවීම සඳහා අවස්ථා කිහිපයකදීම කල් ඉල්ලා සිටියේය.