කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිත කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙකු 08/20 දින උදෑසන ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
මොවුන් 08/20 දින අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. - 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි ඔවුන් සිය ආගමන කටයුතු නිශ්කාශනය කිරීම සදහා පෝලිමක රැදී සිටියදී , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට ඇති වූ සැකය මත සිදු කළ ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මොවුන් සතුව තිබූ මැසඩෝනියා රාජ්‍යයේ වීසා බලපත්‍ර පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී , මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ .
ඉන්පසු මොවුන්ගෙන් මේ පිළිබද වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී තමන් මෙරටට පැමිණ දින දෙකකට පසුව මැසඩෝනියාව වෙත පළා යාම සදහා සැළසුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ.
ඒ අනුව මොවුන් ආපසු හරවා යැවීමට ඔවුන් මෙරටට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .