පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම පනත ඉදිරිපත් කරන අවස්ථාවේදීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පනතට විරෝධය දක්වන බවත් එය සටහන් කර ගන්නා ලෙසත් සඳහන් කළේය.
එයට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මුල් පිටුවවත් කියවන්නේ නැතිව පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළ බවයි.
එසේම පනතට එරෙහිව අධිකරණයට යාමට දින 14ක කාලයක් තිබුණත් එම කාලයේදී කිසිවෙකුත් අධිකරණයට ගොස් නොමැති බවයි. එම කාලය ඉක්ම ගොස් අධිකරණයට ගොස් ඇති එයින් ඵලක් නොවන බවත් ඔහු පැවැසීය.
එසේම පනත හරහා මාධ්‍ය අයිතිවාසිකම් කප්පාදු නොකරන බවත් වගකීම් තහවුරු වන බවත් ඔහු පැවැසීය.
විවාදයට එක්වූ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ දත්ත ආරක්ෂක අධිකාරියේ නියෝජිතයන් පත්කිරීමේ බලය අමාත්‍යවරයාට පමණක් පවරා තිබීම ගැටලුකාරී බවයි.