ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී නොසිට ඒ ඒ ඉන්ධනහල් මගින් ලබාදෙන ටෝකන් රැගෙන තම නිවෙස්වලට යන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
මෙම ටෝකන් ලබාදීම පිළිබඳව ඊයේ රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවැසීය. මෙහිදී ඒ ඒ ඉන්ධනහල් වලින් අනන්‍ය වූ ටෝකන් පතක් පෝලිම්වල සිටින ජනතාවට නිකුත් කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව ඒ ඒ ඉන්ධනහල්වෙත ඉන්ධන ලැබීමෙන් පසුව එම ඉන්ධනහලෙන් ටෝකන් ලබාගත් අය සඳහා ආරක්ෂක අංශ කථා කර ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.