පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව ද ප්‍රමාද වනු ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්දීය රජය හරහා ඕමානයේ සිට පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන එන නෞකාව අද (5දා) මෙරටට ළඟාවීමට නියමිතව තිබුණත් මුහුදේ පවතින රළු තත්ත්වය හේතුවෙන් නෞකාව පැමිණීම ලබන 9දා දක්වා කල් යනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.