ලෝක වෙළදපොළේ පොහොර මිල ඉහළයාමත් සමග මෙරටට අප්‍රේල් මාසයේ දි පොහොර ආනයනය කිරිමේ වියදම ඇමරිකානු ඩොලර්මිලයන 39.7 දක්වා සියයට 213.6කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දි පොහොර ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 12.7කි. එහෙත් මෙම වර්ෂයේ අප්‍රේල් මස පොහොර ආනයන වියදම ඉකුත් වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 213.6කින් වැඩිවි ඇත.
මෙම වර්ෂයේ මුල්මාස හතර තුල පොහොර ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 67.8ක මුදලක් වැයවි ඇති අතර එය 2025 වර්ෂයේ මුල්මාස හතරට සාපේක්ෂව සියයට 5.9ක වැඩිවිමකි. වි වගාව සදහා ප්‍රමාණවත් පරිදි වෙළදපොළ තුල පොහොර නොමැති බවටත් පොහොර මිල වැඩිවි ඇති බවට ගොවින් චෝදනා කරති. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ රට තුල පොහොර හිගයක් නොමැති බවත් යුරියා පොහොර මිටියක් රුපියල් 10200ක මුදලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවින්ට මිලදි ගැනිමට හැකි බවය.