රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘපනිසලාගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
රසායනික පොහොර ගොවි ජනතාව වෙත බෙදා හැරීමේ දී විවිධ වංචා හා අක්‍රමිකතා සිදු කර ඇති බවට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරෙහි කටයුතු කරන නිලධාරින් ගණනාවකට චෝදනා එල්ල වී තිබේ.
මෙවර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු සම්බන්ධව ඊයේ (18) පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
ගොවි ජනතාවට රජය විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් ලබා දෙන ලද රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු 50කට පමණ චෝදනා එල්ල වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම නිලධාරින් සියලු දෙනාගේම සේවය අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ (18) උපදෙස් දෙනු ලැබීය.
මේ අතර පසුගිය යළ කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත් නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පීරිසකට චෝදනා එල්ල වී තිබේ. වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත් කර ඉන්ධන අලෙවි කිරීම වැනි චෝදනා රැසක් ඒ අතර තිබේ.
ඔවුන් පිළිබඳව ද මේ වනවිට විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 300කට පමණ චෝදනා එල්ල වී ඇතැයි ද මෙහිදී හෙලිදරව් විය.