පසළොස්වක පොහොයදා කිරි එළ දෙනුන් ඇතුළු ගවයන් විසි එකක් මරා දමා රුපියල් ලක්ෂ විස්සකට වැඩි ගව මස් තොගයක් හොරොව්පොතාන සිට කොළඹ බලා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (17දා) අළුයම අත් අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 43 වියේ පසුවන්නන් බව පොලීසිය කියයි.
හොරොව්පොතාන පොලිස් වසමේ තිබිරිඅත්තෑවල ප්‍රදේශයේ කැලෑවකදී එල ගවයන් 7ක් ඇතුළු ගවයන් 21ක් මරා, එම මස් දෙමටගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම ගව මස් තොගය සමග සැකකරුවන් හා ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි..
දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.සැකකරුවන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ස්ථානීය බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මෙහෙයවීමෙන්, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ, පො.සැ. නිමල් (59525) , ධර්මසිරි(50749), පො.කො. වික්‍රමසිංහ (67843) නිලධාරීහු වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
