කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා අත් පා ගැට ගසා අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස අත් පා ගැට ගසා වතු යායක මුරකුටියක් තුලමරා දමා ඇත්තේ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ උප සභාපතිවයකු හා හිටපු විදුහල්පතිවරයකු වන පිටර් හපුආරච්චි නැමති 76 හැවිරිදි තිදරු පියකු බව කියයි.
ඔහුට අයත් වනාතවිල්ලුව 12 කනුව වතු යායේ මුරකුටියක් තුල මරා දමා තිබියදී සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය ඊයේ (28) පැවසීය.
අභිරහස් ලෙස මරණයට පත්ව අදාල තැනැත්තා ඔහුට අයත් වනාතවිල්ලුව 12 කනුව හා අවට පිහිටි අක්කර 100 කට අධික ඉඩම් වල කටයුතු සොයා බැලිමට පැමින ඔහුට අයත් ඉඩමක සිට තවත් ඔහුගෙම ඉඩමකට පැමින සිටියදි මෙම සිදුවිමට මුහුණ දී ඇති බව කියයි.
එම ඉඩමට පැමින අනෙක් ඉඩමේ ගවයින් සදහා තෘණ ද කපාගෙන අදාල අභිරහස් ලෙස ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා ඔහුට අයත් කැබ් රථයෙ අසුරා සිටියදි ඉඩමේ සිටි මුරකාර යුවල සමග ඇතිවු යම් ආරවුලකින් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරතී.
පොලිසිය සැක කරන්නේ අදාල ව්‍යාපාරිකයා සමග මෙම මුරකාර යුවල කිසියම් ආරවුලක් කර ගැනිමේන් පසු ගැටුමක් හට ගන්නට ඇති බවත් ඉන්පසුව මෙම ව්‍යාපාරිකයා මුර කුටිය තුළට රැගෙන විත් එහි අත් පා ගැට ගසා කිසියම් ලෙසකින් ඝාතනය කරන්නට ඇති බවයි.
කෙසේ නමුත් අනෙක් ඉඩමේ සිටි මුරකරුවන් හා පිරිස මෙම ව්‍යාපාරිකයා ආපසු නොයාම පිළිබදව සොයා බලා ඇතත් ඒ ගැන තොරතුරක් නොමැති විම හේතුවෙන් 28 දින උදෑසන මෙම 12 කනුව ඉඩමට පැමින සොයා බලද්දී එහි ප්‍රධාන දොරටු ඉබි යතුරු දමා තිබි ඇති බවත් පසුව ඉඩමට ගොස් බලද්දී මුරමඩුව ආසන්නයෙ ම මෙම ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය විශාල කලුපැහැති ආවරණයකින් පසු දමා තිබු බවද කියයි.
ඒ සමගම මුරකුටියෙ දොරවල් විවෘතව තිබේනු දැක ඇතුලට ගොස් සොයා බලන විට අදාල ව්‍යාපාරිකයා අත් පා ගැට ගසා මරා දමා තිබු බව කියයි.
පසුව වනාතවිල්ලුව පොලිසිය දැනුවත් කිරීමේන් පසුව වනාතවිල්ලුව පොලිස්ථානයෙ නිළධාරින් පිරිසක් පැමින අදාල පරික්ෂණ ආරම්භ කර තිබුනී.
කෙසේ නමුත් මෙම සිද්දියට සැක කරන මුර යුවල පිළිබදව කිසිදු තොරතුරක් මේ වන විටත් ලැබි නොතිබුනී.
අදාල ස්ථානායට පැමිනි පුත්තලම වැඩ බලන දිසා විනිසුරු මොහොමඩ් ඉක්බාල් මහතා විසින් අදාල දේහය පරික්ෂා කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිළධාරි වරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කර තිබු අතර සිද්දිය හා සැකකරුවන් පිළිබදව යම් තොරතුරක් දන්නා අය ඇතොත් පොලිසියට ලබා දෙන ලෙසට එම ස්ථානයෙ සිටි මහජනතාව දැනුවත් කරන්නට විය.
වනාතවිල්ලුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමුදු සේනානායක මහතා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උයන්ගොඩ මහතා හා පොලිස් අපරාධ ස්ථානිය නිළධාරින් හා පොලිස් ඇගිලි සළකුණු නිළධාරින් අදාල ඝාතනය සම්බන්ධව පරික්ෂණ සදහා එක්ව තිබුනී.


