පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද (14දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ.
ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූහ.
රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව, සාමූහිකව කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
දීර්ඝ කාලයක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
