බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබාදී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදෙනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හෙට (03) දිනය වන විට සිරදඬුවම් විඳින සිරකරුවන් වෙත බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක් ලබාදීමට නියමිතය.
දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
මීට අමතරව දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරද ඬුවම් නියම කර හෙට දිනය වන විට දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ටද ජනාධිපති සමාව හිමිවෙයි.