පොසෙන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයට හා හෝමාගම නගරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවත්, මෙම සේවා හෙට (02දා) දින සිට (05දා) වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව හෙට (02දා) උදෑසන 8.45ට හා 03වැනිදා උදෑසන 7.30ට හා 8.45ට 04වැනිදා උදෑසන 8.45ට බෙලි අත්තේ සිට අනුරාධපුර දක්වා දුම්රියන් ධාවන වන බවත්, මීට අමතර හෙට (02දා) උදෑසන 6.35ට හා 11.50ට, සවස 1.00 හා 1.15 හා 4.40ට සහ රාත්‍රී 8.00, රාත්‍රී 10.45ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව මේ මස 03වැනිදා උදෑසන 5.45ට, 6.35ට, 7.05ට, 11.50ට, රාත්‍රී 8.00ට සහ 04වැනිදා උදෑසන 5.45ට, 6.35ට, 11.50ට, සවස 4.00ට සහ රාත්‍රී 8.00ට කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රියන් ධාවන කරන බවත්, මීට සමගාමීව අනුරාධපුරයේ සිට කොළඹ, කොටුව දක්වා හා අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වාත් දුම්රිය සේවා ක්‍රියාත්මක බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන පොසෙන් කලාපයට සහභාගි වීම සඳහාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව කොස්ගම හා මහරගම අතර මෙම විශේෂ දුම්රියන් මේ මස 03වැනිදා, 04වැනිදා සහ 05වැනිදා යන දිනවල ක්‍රියාත්මක වන අතර, මෙම දින තුළ සෑම දිනකම පස්වරු 6.45ට කොස්ගමින්, මහරගම දක්වාත් රාත්‍රී 10.00ට මහරගම සිට කොස්ගම දක්වාත් දුම්රියක් ධාවන කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වදෙයි.