2021 වර්ෂය සඳහා ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන දිරි දීමනාව මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්ය පොස්පේට් සමාගමේ සේවකයන්අද (22දා) දින සිට සියලු සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
ලංකා රාජ්ය පොස්පේට් සමාගමේ වාණිජකර්මාන්තහාසේවාප්රගතිශීලී සේවක සංගමය, ශ්රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය යන සියලු වෘත්තිය සංගම් ඒකමතිකව මෙම වෘත්තිය ක්රියාමාර්ගයට එළඹීමට තීරණය තිබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (21දා) පස්වරුවේ වෘත්තිය සමිති සියල්ල ඒකාබද්ධව ලිපියක්ද නිකුත් කර ඇත.
2021 වර්ෂයට අදාළ ප්රසාද දීමනා ලබානොදීම හේතුවෙන් ලංකා රාජ්ය පොස්පේට් ආයතනයේ සේවකයන් පසුගිය10වැනිදා සිට අතිකාල රාජකාරී නොකිරීමේ වෘත්තිය ක්රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඊයේ දිනය වන විටත් අදාළ ප්රසාද දීමනා ලබා නොදීම හේතුවෙන් සියලු සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්රියාමාර්ගයට යොමු වීමට ඔවුන් තීරණය කර තිබේ.
මෙතෙක් පැවැති ක්රියාමාර්ග අනුව පසුගිය වසරවල ජනවාරි 10වැනිදාට ප්රථම වාර්ෂික ප්රසාද දීමනා මුදල් සේවා නියුක්තිකයින් වෙත ලබා දී ඇති නමුත් 2021 වර්ෂයේ ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් දිරිදීමනා ගෙවීම් මේ දක්වා සිදු කර නොමැති වීම හේතුවෙන් අදාළ වෘත්තිය සමිති ඒකමතිකව මෙම වෘත්තිය ක්රියාමර්ගයට එළඹ තිබේ.
තිසර සමල් - අනුරාධපුර