පොලොස් ගෙඩි හයක් කැඩූ සැකකරු රිමාන්ඩ්
නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28දා) නියෝග කළේය.
නිට්ටඹුව ඕචර්ඩ්වත්ත පදිංචි අකිල ප්‍රසාද් කුමාර නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට ඊයේ (27දා) පස්වරුවේ හොරෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැනයාමට උත්සාහ ගත් අවස්ථාවේ වත්තේ හිමිකාර ව්‍යාපාරිකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින් සැකකරු අල්ලා නිට්ටඹුව පොලීසියට රැගෙන විත් භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර මහතා කරුණු දක්වමින් නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට සැකකරු හොරෙන් ඇතුල් වී එහි කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ව්යාපාරිකයෙකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින් මොහු අල්ලා පොලීසියට ගෙන විත් භාර දුන් බව කියා සිටියේය.
.පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් කෙරිණි.නැවත කැදවීම මාර්තු මස 14 වනදාට කල් තැබිණි.
නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් ඇල් රවීන්ද්‍ර මහතා ගේ උපදෙස් පරිදි එහි පොලිස් සැරයන් ජයසූරිය හා පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
වාරණ ආනන්ද ජයකොඩි
popular news
-
අගුපිලගේ Tuesday, 01 March 2022 12:33 AM
ඇමතියෙක් කියලා තිබුනා ලංකාවෙ කිසිවකු බඩගින්නෙ නැහැ කියලා මේ වෙන්නෙ මොනවාද අපරාදෙ අහිංසකයෙක් අවුරුදු දෙකතුනක් හිරබත් කයි වගේ
Reply : 0 0
rocky Tuesday, 01 March 2022 01:08 AM
Wasara 24 ka hira anduwamata amatharawa, Dhanawath wyaapaarikayaata rupiyal Haya Lakshayaka alaabhayak gewana lesa niyama kireema sudusuya!
Reply : 0 0
Dengu Nona Tuesday, 01 March 2022 01:11 AM
Ammaaa, Me Dhanawath wyaapaarikayaata wagema Polisiyatath Lajjaa nedda?
Reply : 0 0
samson de silva Tuesday, 01 March 2022 02:39 AM
Mey athara Basil Rajapaksa namethi pudgalayekuta wiruddhawa thibunu janathaa mudal awabaawithaa kireeme chodanaa naduwen, athigaru adhikaranaya wisin withthikaru nidos kota nidahas karana ladee!! Den shepadaaaa?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

