පොලීසියේදී යකා නැටූ 19ක් අත්අඩංගුවට
හික්කඩුව පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරුණි දහනව දෙනෙක් ඔවුන් ළහ තිබී කඩුවක් හා කිණිස්සක් සමග ඊයේ (5) පස්වරුවේදී සැකපිට් පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
මෙසේ පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරුණු පිරිමි දහතුනක් සහ කාන්තාවන් තුනක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රත්ගම හා දොඩන්දුව ගම්මාන දෙකේ ගම්මුන් දෙපිරිස මෙසේ පොලීසිය තුළදී කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පසුව කලහකාරීන් දෙපිරිස පරීක්ෂා කිරීමේදී කඩුවක් සහ කිණිස්සක් ඔවුන් ළග තිබී සොයා ගත් බවද පොලීසිය කියයි.
සැකකරුවන් මෙසේ වරදක් කළ හැකි ආයුධ දෙකක් සගවා ගෙන එන්නට ඇත්තේ පොලීසියෙන් පිටවී යන අතරතුර දෙයක් කිරීමට විය හැකි බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දහනව දෙනා අද (6) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
